මෙරට ප්‍රථම ස්වයංක්‍රීය වාහන එකලස් කර්මාන්තශාලාව විවෘතයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ මයික්‍රෝ කර්මාන්තශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී අද (18දා) විවෘත කෙරිණි.
නව කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. එසේම මයික්‍රෝ සමාගමේ නවතම නිෂ්පාදනය වන ටුවර් වැගන් රථය, මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදි නිල වශයෙන් පිළිගැන්වීම සිදුවිය.
ශ්‍රී ලංකාවේදී එකලස් කරන ලද මයික්‍රෝ රථ තොගයක් බංග්ලාදේහය වෙත අපනයනය කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධ ලියකියවිලිද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වීමද සිදුවිය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, කර්මාන්ත සංවර්ධන හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                