ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට නවසිලන්තයේ ප්රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් මෙම නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට යොමු කරන බව නවසිලන්ත මහ කොමසාරිස් ග්රැහැම් මොර්ටන් මහතා පවසා සිටියේය.
ඔහු මෙසේ පවසා සිටියේ අද (30දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීය.
එම හමුවේදී, රටට සහ සමාජයට අවශ්‍ය පරිවර්තන රැසක් සමගින් නව රජය රට තුළ ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සුබපැතුම් පළ කළ නවසිලන්ත මහකොමසාරිස්වරයා එම වැඩපිළිවෙළ එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේද පැසසුමට ලක්ව තිබෙන බවද පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තය සහ දියර කිරි නිෂ්පාදනය සඳහා නවසිලන්තය යොදාගන්නා ඉහළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නවසිලන්ත මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළ අතර, ඒ කෙරෙහි මහකොමසාරිස්වරයාගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.