මෙගා කෝප් සිටි 1000 වේගවත් වෙයි
- 13 08 2014
- 22:32
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රට පුරා මෙගා කෝප් සිටි 1,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ මාතලේ නගරයේ ඉදිකළ මෙගා කෝප් සිටි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (12දා) විවෘත කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් භාණ්ඩ පරික්ෂා කර බැලීය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන් ද මාතලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඒ.ඒ.ඩී.සී.එම්. රණතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
