2018 වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය නගරයට හිමි මුහුදු බිම් ප්‍රදේශය සහ ගොඩබිම් ප්‍රදේශයේ මූල්‍ය සහ වෙළඳ කාලපවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සහ සැලසුම් සකස් කර අවසන් වන බව කියයි.
ජාත්‍යන්තර මුල්‍ය නගරයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳ නිරීක්ෂණය සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා සිදුකළ සංචාරයේදී මේ කරුණු අනාවරණය විය.
මේ වනවිට ගොඩකිරිම් සිදු කරන චයිනා හාබර් සමාගම ප්‍රකාශ කර සිටියේ 2017 වසර අවසන් වනවිට මූල්‍ය නගරයේ මුහුදු සීමාව සම්පූර්ණයෙන් ගොඩකර අවසන් කරන බවයි. මේ වන විට මුහුදු සීමාවෙන් 28% ක් ගොඩකර අවසන් බවද සඳහන් විය.
මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය මූල්‍ය නගර ව්‍යාපෘතිය බවයි.
මෙය ශ්‍රී ලංකාවට අලූත් අත්දැකීමක් වුවද, එය විශිෂ්ඨ ලෙස ජයගැනීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. පරිසර ඇගයීම් පිළිබඳ ගැටළු මුහුදු විනාශය සහ මත්ස්‍ය ප්‍රජාව විනාශවනවා යැයි ධිවරයන්ට වූ ගැටළු විවිධ විවිධ කණ්ඩායම් මගින් නැගුණු සමාජ ගැටළු විරෝධතා සහ විවේචන සියල්ලම නිසි පරිදි අධ්‍යනය කොට යහපාලන රජය විසින් නිවැරදි ගිවිසුමක් සම්පාදනය කිරීමටත් රටට වාසිදායක වන අයුරින් එම ගිවිසුමට එළඹ කි‍්‍රයාත්මක කිරීමටත් චීන රජය, ශ්‍රී ලංකා රජය සහ ව්‍යාපෘති කණ්ඩායම් අතර නීත්‍යානුකූල ගිවිසුම පසුගිය 2016 වසරේ අගෝස්තු 12 වන දා අත්සන් තැබිණි. එහිදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මූල්‍ය නගර ව්‍යාපෘතිය සිදු කරන චයිනා හාබර් ආයතනය අත්සන් තැබිණි. ඊට අනුකුළව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් විධිමත් පරිසර අධ්‍යන වාර්තාවක් නිකුත් කෙරිණි. ඊට අනුකූලව සියලු කටයුතුවලට එළඹීමට සියලු පාර්ශ්වයන්ට සිදුවන අතර ඇතැම් අවස්ථාවකදී ප්‍රායෝගිකව සිදුවන තත්වයන් යටතේ සමාජ බලපෑම් එල්ලවන ධිවරයින් ආදී පිරිස් සමග නිරන්තර සාකච්ඡා කිරීමට ද කටයුතු කරමින් පවතින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.