ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ඉදිකළ, මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය මාර්තු 31 වැනිදා විවෘත කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.
මහල් පහකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම්වලින්ද සමන්විත වන අතර, ඒ සඳහා වැය කළ මුදල රුමිලියන 1,400 ක් බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.