ඉතාලියේ මිලානෝ නුවර පැවැති ප්රදර්ශනයකදී ශ්රී ලංකාව රු.මිලියන 53ක් වටිනා නිල් මැණික් ගනුදෙනුවකට එළැඹි බව 'Expo 2015' හි කොමසාරිස් ජනරාල් ආචාර්ය රොහාන්ත අතුකෝරාල පවසයි.
ප්රදර්ශනය සඳහා මාතලේ සිට පැමිණි මැණික් අපනයනකරුවෙකු මෙම වෙළෙඳාම සිදුකර තිබෙන අතර, මැණික් මිලදී ගැනීමට ඉදිරිපත් වුණු චීනයේ සෙජිආන්ග් පළාතේ ගැනුම්කරු ඊට අදාළ නීතිමය ගිවිසුමට අත්සන් තබා තිබේ.
ශ්රී ලංකා ප්රදර්ශන මණ්ඩපයේ අධ්යක්ෂවරයා ඉදිරිපිටදී අත්සන් තබා ඇති මෙම ලියවිල්ල මගින් වසරක් ඇතුළතදී මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීමට නියමිතය.