ශ්‍රී ලංකාවේ විශාලතම ජල ප්‍රභවයක් වන මහවැලි ගඟේ ඉවුර ඛාදනය වීම නිසා ඒ ආශ්රිත සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් බැවින්, මෙම තත්ත්වය විශාල වශයෙන් ඇති මහනුවර ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ ඉවුරු සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවරගෙන තිබේ.
ඒ අනුව රු.මිලියන 340 ක වියදමකින් ‘මහවැලි ගං ඉවුරු සුරක්ෂිත ව්‍යාපෘතිය’ නමින් විශේෂ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස ගැටඹේ ප්‍රදේශයේ මීටර් 200 ක පමණ දුරක් ප්‍රතිසංවර්ධනය කිරීම පසුගියදා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී.