ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් 2017 වසරේ මැයි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව් දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 6.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.0කට ප්‍රමාණවත් වන අතර, මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.2කට සමාන වන පරිදි ඇ.ඩො.බිලියන 8.9ක් දක්වා වර්ධනය වී තිබේ.