2017 මැයි මාසයේදී සංචාරක පැමිණීම් 2.5%කින් පහළ වැටී ඇති අතර, එම සංචාරක පැමිණීම් ප්රමාණය 121,891ක් බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, 2017 වසරේ පළමු මාස පහ තුළදී මුළු සංචාරක පැමිණීම්, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමග සැසඳීමේදී 887,093ක් දක්වා 4.8%කින් වර්ධනය වී තිබේ.
ඉන්දියාව, චීනය, එක්සත් රජධානය, ජර්මනිය සහ ප්රංශය යන රටවල් 2017 වසරේ පළමු මාස පහ තුළදී සංචාරකයන් පැමිණෙන ප්රධාන මූලාශ බවට පත්ව තිබේ.