මෙම වසරේ මුල් කාර්තුවේදී 16% ක අපනයන වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඉන් මෙම මාර්තු මස පමණක් ගත්කළ 27% ක වර්ධනයක් දක්නට ලැබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ, වත්මන් ප්‍රගතිය හා ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට අදාල උපාය මාර්ග පිළිබද තම ඉහළ කළමණාකාරීත්වය සමග පසුගියදා පැවති සාකච්ඡා වාරයේදීය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, යාවකාලික දත්ත අනුව 2014 ජනවාරි සිට මාර්තු දක්වා සිදුකළ සමස්ත අපනයන අගය ඇ.ඩො.බිලියන 2.8ක් වන බවයි. 2013 වසරේ එම කාලය තුළ සිදුකළ සමස්ත අපනයන අගය ඇ.ඩො.බිලියන 2.36 ක් වූ බවද, ඒ අනුව පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අපනයන වර්ධනය 15.7% ක් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.