මාතර සංවර්ධනයට රුපියල් මිලියන 2284ක්
මාතර දිස්ත්‍රික්කයේ 2014 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් රු.මිලියන 2,284ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යංශය පවසයි.
මේ වන විට අනුමත කරන ලද වැඩයෝජනා 2,674ක් සඳහා රු.මිලියන 1914.48ක් අනුමත කර ඇත.
පළාත් නැගුම සංවර්ධන වැඩසටහන සඳහා රු.මිලියන 965.85ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, මේ වනවිට එහි අනුමත වැඩ යෝජනා 623ක් සඳහා රු.මිලියන 869.42ක් අනුමත කර තිබේ.
එක් ගමකට එක් වැඩක් සංවර්ධන වැඩසටහන සඳහා රු.මිලියන 650ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, මේ වනවිට අනුමත වැඩ යෝජනා 948ක් සඳහා රු.මිලියන 612.9ක් අනුමත කර තිබේ.
ගම නැගුම සංවර්ධන වැඩසටහන සඳහා රු.මිලියන 314ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, මේ වනවිට අනුමත වැඩ යෝජනා 472ක් සඳහා රු.මිලියන 248.885ක් අනුමත කර තිබේ.
මහජන නියෝජිතයින්ගේ විශේෂ ව්‍යාපෘති සඳහා රු.මිලියන 175ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, මේ වනවිට අනුමත වැඩයෝජනා 210ක් සඳහා රු.මිලියන 71.195ක් අනුමත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
