රට තුළ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා වන මහා ආර්ථික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ දැනටමත් ක්‍රියාවට නන්වමින් සිටින බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් සමන්විත මහා පරිමාණ ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවිජන අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ස්ථාපිත කළ මෙම ධාන්‍ය ගබඩා සංකීර්ණය විවෘත කිරීම සංකේතවත් කරමින් අමාත්‍යවරයා විසින් ප්‍රදේශයේ ගොවීන් කිහිප දෙනෙකුගේ වී තොග, ගබඩා සංකිර්ණය වෙත භාර ගැනීමද එහිදී සිදු කෙරිනි.
ධාන්‍ය ගබඩා සංකිර්ණය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙනඒම සඳහා වත්මන් රජය හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවයි.