ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් පවත්වන 'මහනුවර පොත් දැක්ම 2015' ජූලි මස 05 වැනිදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙයි.
'අද ආර්ථික පිටුවේ' අපි, ඒ පිළිබඳ කතාබස් කරනට මහනුවර පොත් දැක්ම සංවිධායක කමිටුවේ සභාපති දර්ශන රැළපනාව මහතා මෙසේ සම්බන්ධ කරගතිමු.
කියවන්න කරන හුරුපුරුදුව
ජූලි 01 දා සිට 05දා දක්වා පෙරවරු 09.00 සිට සවස 07.00 වනතුරු කැන්ඩි සිටි සෙන්ටර්හිදී තමයි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ. මෙය සංවිධානය කරන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනුයි. කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මෙයට සම සංවිධායකත්වය සපයනවා. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා මූලික වෙන්නෙ රටේ ජනතාවට කියවීම හුරුපුරුදු කරන්නයි. එමගින් ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරනවා සේම ඔවුන්ගේ බුද්ධි වර්ධනයට ඉවහල් වන කියවීමේ රුචිය වර්ධනය කරවීමයි මෙමගින් සිදු කරන්නේ. ඒ වගේම, පොත් සාප්පුවක ගබඩා කරන්න බැරි විශේෂ පොත් ප්‍රමාණයක් මෙතැනදි එක තැනකට එක්රොක් වෙනවා.
සාමාන්‍යයෙන් මහනුවර ඉන්න අයට ගන්න බැරි පොත් විශාල ප්‍රමාණයක් මෙතැනදි එක තැනකට එක්රොක් වෙනවා. පුවත්පත් දැනුමත් එයට ඇතුළත් වෙනවා. විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයත් අපිට මෙහිදී ලැබෙනවා. ඔවුන්ගේ පුවත්පත්, සඟරා ආදියත් මෙහි ඇතුළත්. එමෙන්ම සියලු විෂයයන් අලළා බොහෝ පොත් රැසක් මෙහි අන්තර්ගත වෙනවා. එහිදී ඔබට මහහැරුණු සියලු පොත් විවිධ ප්රකාශයකයන් එක්රැස් වන එකම තැනකදී ලබාගන්න පුළුවන්. මෙහිදී, මිල අධික බොහෝ පොත්, කඩවල දකින්න නොලැබෙන සුවිශේෂී පොත් විශේෂ සහන මිල යටතේ ලබාගැනීමට පුළුවන්.
සාමාන්‍ය අවස්ථාවලදී ලබාගත නොහැකි පොත් අදාළ ප්රකාශකයාම මුණගැසී ලබාගැනීමට අවස්ථාවත් පාඨකයාට හිමිවෙනවා. වට්ටමක් පවා ඔබට හිමියි. එමෙන්ම නුවර ප්‍රදේශයේ සිටින අයට ඔවුන්ගේ ප්‍රදේශයට පොත් ප්‍රකාශන ආයතන ගෙන්වා ගැනීමේ පහසුවත් මෙමගින් හිමිවෙනවා.
ළමයින් සඳහා සුවිශේෂී වැඩසටහන්
විශේෂයෙන්ම ප්‍රදේශයේ ළමයින්ට හා වැඩිහිටියන්ගේ පාඨක රුචිය වර්ධනයෙහි ලා විශාල දායකත්වයක් ලබාදීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මහත් දායකත්වයක් ලබාදී තිබෙනවා. අලෙවියට වඩා අපි අවධානය යොමු කරන්නේ එයටයි. මේ වසරේ ළමයින් වෙනුවෙන් සුවිශේෂී වැඩකටයුත්තක් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහිදී, නුවර පළාතේ කලා කුසලතාවලට දක්ෂ ළමයින්ට ඉඩහසර ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කරනවා. මෙවර පොත් දැක්මේ 'කිඩ්ස් කෝනර්' යනුවෙන් පුංචි දුවා දරුවන්ටම වෙන්වූ කොටසක් පවතිනවා. එහි පැමිණෙන දරුවන්ට දුර්කේෂවලින් ඉර ඇතුළු තරු නිරීක්ෂණයට නොමිලයේ අවස්ථාව පවතිනවා. මෙවැනි දේ ඇතුළු තවත් රසවත් අත්දැකීම් සමග ළමයින් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක්ද දියත් වන බව පවසන්නේ සතුටින්.
සංවාදශීලී වැඩසටහන්
එමෙන්ම ප්‍රදේශයේ ලේඛකයන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ පොත් පිළිබඳව සාකච්ඡා ආදිය දිගටම පවත්වා ගෙන යෑමට මේ දවස් පහ තුළ ඉඩප්‍රස්තාව හිමිවෙනවා. මෙහිදී මහනුවර ජනතාවට හමු නොවන සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා විවිධ වයස් කාණ්ඩවල ජනතාව විශාල වශයෙන් කැන්ඩි සිටි සෙන්ටර් වෙත එක්රොක් වේවි කියා.