මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් ඇගැයීමේ සෙඩ් අවෝඩ්ස් කැන්ඩි 2016 සම්මාන උළෙල පසුගියදා මහනුවර ඊ.එල් සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම සම්මාන උලෙළ සංවිධානය කොට තිබුණි.
මෙහිදී කෘෂිකාර්මික අංශය, කාර්මික නිෂ්පාදන අංශය හා සේවා අංශය යන අංශ තුන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 16 දෙනෙකු ඇගැයීමට ලක්විය.