ශ්‍රී ලංකා මහ බැංකුව, චීන මහ බැංකුව සමග අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරුව සඳහා වන ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම අද (16දා) සිදුවිය.
මේ යටතේ විදේශ වෙළෙඳාමට අදාළව සහ දෙපාර්ශ්වය එකඟ වන අරමුණු සඳහා පිළිවෙළින් ශ්‍රී ලංකා ජාතික මුදල් ඒකකය (ශ්‍රී ලංකා රුපියල්) සහ චීන ජාතික මුදල් ඒකකය (චීන යුආන්) භාවිත කිරීම සඳහා පහසුකම් සැලසීම සිදුකෙරනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති වූ ජියාන්සාඕ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.