ඉදිරි මසකට අවශ්‍ය සහල් තොග මේ වනවිට ලැබෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර අද (31දා) පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඒ අනුව, තායිලන්තය හා මියන්මාරය සමග අවසන් කරමින් පවතින අවබෝධතා ගිවිසුම්, ඉන්දියාවෙන් පෞද්ගලික අංශය හරහා සිදුකරන සහල් තොග ආනයනය හා සතොස හරහා සිදුකරන මිලදී ගැනීම් මගින් ඉදිරි මසකට සරිලන සහල් තොග මේ වනවිට ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වාදී ඇත.