ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවි අයිතියට පත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2017 අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ලබන 26 වැනි දා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙසේ ගොවි ජන අයිතියට පත් කෙරෙනු ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.
ලෝක බැංකු ආධාර මත රු.මිලියන 264ක වියදමින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම ධාන්‍යාගාරය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් එකවර ගබඩා කිරීමේ හැකියාව පවතින බවත්, වර්ග අඩි 21,586ක වපසරියකින් මෙම ගබඩා සංකීර්ණය සමන්විත බවත් පෙන්වා දෙයි. මෙමගින් ගොවීන් දහසකට පමණ ප්රතිලාභ හිමිවන අතර, වී, මුං, කව්පි, සෝයා, රටකජු ආදී ධාන්‍ය මෙහි ගබඩා කළ හැකි බවද අමාත්‍යාංශය පවසයි.