අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළත්, මෙරට ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු බදු වැඩිකළ විට භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කරන නිසාත්, බදු අඩු කළ විට භාණ්ඩ මිල පහළ දැමීමටත් කටයුතු නොකරන බවත් ප්‍රායෝගිකව භාණ්ඩ මිලෙහි අඩුවීමක් සිදු නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත කරුණු දක්වමින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉක්මණින් සකස් කරන ලෙසයි.
මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන පාලන මිල ක්‍රියාත්මක කිරීමට පවා කටයුතු නොකරන පාරිභෝගික අධිකාරිය ඒ සඳහා කටයුතු කරනු ඇතැයි යන්න කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එම ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි.