ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය ජූලි මාසයෙන් පසුව ඉහළම මිලක් වාර්තා කර තිබේ.
ඒ අනුව, Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (06දා) වනවිට ඇ.ඩො.62.44ක් ලෙස සටහන් විය.
මේ අතර, OPEC Basket බොරතෙල් බැරලයක මිල පසුගිය 03දා වනවිට ඇ.ඩො.59.15ක් ලෙස සටහන් වී තිබේ.