ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබූ බිල්ඩ් එස්.එල්. 2014 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අද (01දා) සාර්ථකව නිමාවට පත්විය.
මෙම ප්‍රදර්ශනය පසුගිය 30 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී විවෘත විය.
ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 10 වැනි වරට මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණු අතර, මෙය අප රටේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයකි.
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ උපකරණ, සේවා, අමුද්‍රව්‍ය සැපයීම සිදු කරනු ලබන ආයතනයන් සහ රජයේ ආයතනයන්ට අයත් කුටි හා අළෙවිසැල් 200කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත විය.
චීනය, ඉන්දියාව යන රටවලින් නියෝජිත කණ්ඩායම්ද මෙවර ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටිනු දැකිය හැකිවිය.