ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) ශ්‍රී ලංකාවේ බැංකු නවයක (09) ණය ශ්‍රේණි තහවුරු කර ඇති බව ඔවුන් නිවේදනය කරයි.
ඒ අනුව, ජාතික ඉතිරිකිරීමේ හා ලංකා බැංකුවේ දිගු කාලීන නිකුත්කරන්නාගේ ණය ශ්‍රේණිය (IDRs) යැයි තහවුරු කරමින්, ඔවුන්ගේ දිගු කාලීන ණය ශ්‍රේණිය පිළිවෙලින් 'AAA(lka)' සහ 'AA+(lka)' ලෙස තහවුරු කර තිබේ. එමෙන්ම, මහජන බැංකුවේ ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය 'AA+(lka)' ලෙස තහවුරු කර තිබේ.
ඒ සමගම ෆිච් ආයතනය විසින් DFCC බැංකුවේ දිගු කාලීන IDRs ණය ශ්‍රේණිය 'B+' සහ DFCC සහ DFCC වර්ධන බැංකුවේ ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය 'AA-(lka)' ලෙස තහවුරු කර තිබේ. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය 'AA-(lka)' ලෙසද තහවුරු කර තිබේ. ෆිච් ආයතනය NDB හි දිගු කාලීන IDR ණය ශ්‍රේණිය 'B+' යැයි තහවුරු කර ඇති අතර වාණිජමය හේතු මත පසුව ඉවත් කරගෙන ඇති බවද පෙන්වා දෙයි.
එමෙන්ම, ෆිච් ආයතනය කොමර්ෂල්, හැටන් නැෂනල් සහ සෙලාන් යන බැංකුවල ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය පිළිවෙලින් 'AA(lka)', 'AA-(lka)' හා 'A-(lka)' ලෙස තහවුරු කර තිබේ. ෆිච් රේටින්ග්ස් සම්පත් බැංකුවේ ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය 'A-(lka)' සිට 'A+(lka)' දක්වා පහත දමා තිබේ.