ඉතා ඉක්මනින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ජීව ඉන්ධන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට තම අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් සකස් කරගෙන යන බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ සුළු උක් ගොවීන් හා සීනි නිෂ්පාදනය නගාසිටුවිමේ ව්‍යාපෘතිය යටතේ උක් වගාවට යොමුවීමට කැමැත්තක් දක්වන ගොවි මහත්ම මහත්මින් දැනුම්වත් කිරීම සඳහා ඇටම්පිටිය තවලම්තැන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, "අද ලෝකයේ බොහෝ රටවල් ජීව ඉන්ධන ක්‍රමය අනුගමනය කරනවා. විශේෂයෙන්ම බ්රසිලය, අනාගතයේදී ඉන්ධන පිළිබඳ අපට ප්‍රශ්න මතු වීමට පුළුවන්. උක් කර්මාන්තයෙන් නිෂ්පාදනය කළ හැක්කේ සිනි පමණක් නෙවෙයි. හකුරු සහ පැණි පමණක් නෙවෙයි.
පුනර්ජනනීය බලශක්ති/ විදුලිය නිෂ්පාදනය - උක් අපද්‍රව්‍ය ආශ්රිත කාබනික නිෂ්පාදන, සත්ව ආහාර නිෂ්පාදනය, කඩදාසි, කාඩ් බෝඩ් නිෂ්පාදනය, එතනෝල් හා අනෙකුත් අතරු නිෂ්පාදන, රසායන දුව්‍ය නිෂ්පාදනය ආදී බොහෝ දෙවල් කළ හැකි කප්රුකක් තමයි මේ උක් ගහ කියන්නේ" යනුවෙනි.