වැඩ නොකරන අයගේ අමාත්‍යාංශවල මුදල් කපා හැරිවිට තියෙන බඩේ ගායට කියන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට තමා සූදානම් නොමැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (05දා) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්යාද ලබාගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"වැඩ නොකරන අයගේ අමාත්‍යාංශවල මුදල් කපා හැරිවිට තියෙන බඩේ ගායට කියන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට මා සූදානම් නැහැ. මේ අවස්ථාව රජය බදු මුදල් අඩුකර, නාස්තිය දූෂණය අවමකර, ජනතාවාදී ගමනක් යමින් සිටින අවස්ථාවක්. ඒ වගේම, ඇතැම් ආණ්ඩුකාරවරු, මහ අමැතිවරු කරන ප්‍රකාශ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීමට ගියොත් රට අර්බුදයකට පත්වෙනවා." යැයි පවසා සිටියේය.