කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන “ඵලදායී ආයෝජනයකට මුලික පියවර” වැඩසටහන කොටස් වෙළෙඳ පොළ ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 6, 8, 10, 13 සහ 15 දිනයන්හී ප.ව 5.30 සිට ප.ව 8.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
කොටස් ආයෝජනය පිළිබඳව අවබෝධයක් මෙම වැඩසටහන තුළින් ලබාගත හැකි අතර, මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම, කොටස් තෝරා ගැනීම සහ තීරණ ගැනීම, ආයෝජනය ආරම්භ කිරීම සහ තැරව්කාර ආයතන සමඟ සම්බන්ධ වීම පිලිබඳව දැනුමක් ලබා ගත හැකි බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.
විශේෂයෙන්ම 2017 වර්ෂය තුළ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇති බවද ඔවුන් සඳහන් කරයි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඔක්තෝබර් මස අවසානයේදී 6.25% වර්ධනයක්ද, S & P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.53% වර්ධනයක්ද පෙන්වා ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසා සිටියි. විශේෂයෙන්ම එවන්වර්ධනයක්සමගදේශීයහාවිදේශීයආයෝජකයින්අතරවෙළෙඳපොළකෙරෙහිඇතිඋනන්දුවදවැඩිවෙමින්පවති.
මෙම වැඩසටහනසිංහල මාධ්‍යයෙන් පැවැත්වෙයි. www.cse.lk වෙබ්අඩවියෙන් සහ 011-2356517හෝ 011-2356514 යන දුරකථන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බවත් කොළඹ කොටස් හුවාමරුව වැඩිදුරටත් සඳහන් කරයි.