මෙම වසරේ පෝෂණ මාසයට සමගාමීව පෝෂණ පාගමනක් සහ ආහාර පොළක් පැවැත්වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය හා ජාතික පෝෂණ ලේකම් කාර්යාලය කටයුතු සංවිධානය කොට ඇති බව පවසයි.
‘නීරෝගී පරපුර රටේ ශක්තියයි’ යන තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඇතුළු අදාල අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් ‘පෝෂණ පාගමන සහ ආහාර පොළ’ පැවැත්වීමට නියමිත බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
වස විසෙන් තොර ආහාරවල වැදගත්කම සම්බන්ධවත්, ආහාර නිෂ්පාදකයා සහ අළෙවිකරුගේ වගකීම සම්බන්ධවත් විස්තර කෙරෙන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට කාර්මික තාක්ෂණ ආයතන නව ගොඩනැගිල්ලේදී (NIBM ආයතනය ඉදිරිපස) පැවැත්වීමට නියමිතය.