මෙම වසර තුළ පොල් ක්ෂේත්රයේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෙත්සිරිපාය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
එහිදී, අමාත්‍යවරයා විසින් ඉදිරි වර්ෂයේදී පොල් ක්ෂේත්රයේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධනන අධිකාරිය යන ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති ජයතන්ත ජයවර්ධන, පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල් යකන්දාවල සහ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ යන මහත්වරු එම ආයනවල අධ්යක්ෂ මණ්ඩලයේ මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.