අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තතලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක 4ට අයත් පළාත් පාලන ආයතන 22ක පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 86ක් වන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වා සිටියේ, ඔස්ට්‍රේලියානු රජය මගින් ලබාදෙන මූල්‍ය ප්රදානය යටතේ තෝරාගනු ලැබූ පළාත් පාලන ආයතන 22ක සඳහා එක් ආයතනයකට රු.මිලියන 50 බැගින් ලබාදීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවූ අවස්ථාවේදීය.
එහිදී, ඇ.ඩො.මිලියන 86න්, මිලියන 50ක් අන්තර් ජාතික සංවර්ධන ඒජන්සියේ ණයක් ලෙස ලෝක බැංකුව හරහාත්, ඇ.ඩො.මිලියන 18.8ක් ඔස්ට්‍රේලියානු රජයේ ආධාරයක් ලෙස ලැබෙන බවත්, ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය මගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔස්ට්‍රේලියානු රජය අලුතින් එකතු වූ පළාත් පාලන ආයතන 22 සඳහා මූල්‍ය ප්රදානය සිදුකිරීමට තීරණය කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරනු ලැබූ පුර නැගුම ව්‍යාපෘතියේ සමස්ත සාර්ථකත්වය සැලකිල්ලට ගෙන බවද කියැවෙයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන පුර නැගුම ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ලෙස පෙර හඳුන්වන ලදී. එම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතට අයත් යාපනය, කිළනොච්චිය, මුලතිව්, වවුනියාව හා මන්නාරම යන දිස්ත්රික්කයන්ද, නැගෙනහිර පළාතට අයත් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක අට තුළ පිහිටි පළාත් පාලන ආයතන 79ක් සඳහා ප්‍රතිපාදන ලබාදීම 2010 වර්ෂයේ සිට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරයි.