පුත්තලම් දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාදාමය හා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ විමසා බැලීමේ පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) මාදම්පේ සමූපකාර ශාලාවේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, රාජිත සෙනෙවිරත්න, ෆීලික්ස් පෙරේරා, ප්‍රියංකර ජයරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන්ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් මීට එක්ව සිටියහ.