යාපනයේ මරුතන්කේනි කොට්ඨාසයේ ධීවර ප්රජාවන්ගේ ප්‍රතිජීවනය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (23දා) නව වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
උතුරු ප්‍රදේශයේ ආර්ථික අවස්ථා දියුණු කිරීම සහ ස්ථිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන් වේගවත් කිරීමට, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු නියෝජ්‍යායතනය මගින් ඇ.ඩො.මිලියන 1.5 ක (රු.මිලියන 196 ක) වියදමකින් සංවිධානය කරන ජීවනෝපාය ව්‍යාපෘතියක් ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව තානාපති කාර්යාලය පවසයි.
මෙම වැඩසටහන විවෘත කිරීමේ උත්සවයට ඇමෙරිකානු තානාපතිනී මිෂෙල් සීසන් මහත්මිය සහභාගි වූවාය.