නෙදර්ලන්ත නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරිසක් දින හතරක සංචාරයක් සඳහා අද (14දා) දිවයිනට ළඟා වීමට නියමිතය.
නෙදර්ලන්තයේ වෙළෙඳ සමාගම්වල ව්‍යාපාරික දූත පිරිසක් ස්මිට්ස් මහතා සමඟ පැමිණෙන අතර ඔවුන් සෞඛ්‍ය, ජලය සහ උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍ර නියෝජනය කරන බව පැවසෙයි.
ලබන 17 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින ස්මිට්ස් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් හමුවීමට නියමිතය. ඊට අමතරව රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ මෙරට ප්‍රමූඛ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරන බව කියැවෙයි.
මෑත කාලයේ නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාට පැමිණෙන ප්‍රථම ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා වන්නේද සිමොන් ස්මිට්ස් මහතාය.