නීති විරෝධී ලෙස ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් පසුගිය 13 වැනිදා අඹතලේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී, විදේශීය මත්පැන් බෝතල් 168ක් සොයාගෙන ඇති අතර, එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 6කට ආසන්න බව මුදල් අමාත්‍යාංශය පවසයි.