ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 5% සිට 40% දක්වා වර්ධනය කිරීමට නැණසල ව්‍යාපෘතිය සක්‍රීයව දායක වී ඇති බවත්, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ හොඳම ප්‍රවේශ මාර්ගය නැණසල බවත් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම පෙන්වා දෙයි.
ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරුතුරු තාක්ෂණ වැඩසටහන ලෙස පසුගියදා ප්‍රංශයේදී සම්මානයට පාත්‍ර වෙමින් නැණසල සම්බන්ධයෙන් මෙම අදහස් පළ කෙරී තිබේ.
ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 199ක් අතුරින් නැණසල ව්‍යාපෘතිය ප්‍රථමස්ථානය දිනාගෙන මෙම වසරේ අදාළ සම්මානය දිනාගෙන තිබේ.
ඒ අනුව, අන්තර්ජාතික බිල්ගේට්ස් අධ්‍යයන ප්‍රවේශ සම්මානය සමග ලක්ෂ 2,900ක ත්‍යාගයක්ද ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත 2005 වසරේදී ආරම්භ කළ නැණසල ව්‍යාපෘතිය මධ්‍යස්ථාන 800ක් පිහිටුවමින් අද වනවිට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එය 1,000 දක්වා ව්‍යාප්ත කිරීම රජයේ ඉලක්කය බවත් ICTA ආයතනය පවසයි.