“නැණසල දහස” ව්‍යාපෘතිය සම්පුර්ණ කරමින් ගලිගමුව බිසෝවෙල රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද දහස්වෙනි නැණසල මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
මෙම දහස්වෙනි නැණසල මධ්‍යස්ථානය අති නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සහ යටිතල පහසුකම් වලින් සමන්විත බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
නැණසල මධ්‍යස්ථාන දහස සම්පුර්ණ වීම නිමිත්තෙන් විශේෂ තැපැල් මුල්දින කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුවී තිබේ.
විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම මෙම නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අරමුණ වු බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.