නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරලීම මෙන්ම, දෙරට අතර නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම සඳහා දැනට පැවැත්වෙන මූලික සාකච්ඡාවන් වර්ධනාත්මක තලයකට එලැඹ ඇති බව නවසීලන්ත වෙළෙඳ අමාත්‍ය ටොඩ් මැක්ලේ මහතා පැවසීය.
ඩවෝස් නුවර ලෝක ආර්ථික සමුළුව අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.
එමෙන්ම, කඩිනමින් නවසීලන්තයේ ඉහළ පෙළේ වෙළෙඳ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවද මැක්ලේ මහතා පවසා තිබුණි.