නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අද (13දා) වැඩ භාරගත්තේය.
නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගනිමින් රවී කරුණානායක මහතා මුදල් ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේ සතියක් යෑමට ප්‍රථම ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට රටේ සැබෑ තත්ත්වය වාර්තා කිරීමට තමාට අවශ්‍ය බවයි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා ඇතුළු, අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරු හා නිලධාරීන් සහභාගි වූහ.