නව දේශීය ආදායම් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පසුගිය 24දා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේදී ආරම්භ වූ සම්මන්ත්රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"නව දේශීය ආදායම් පනතක් ගෙනාවට වැඩක් නැහැ ඒක ප්‍රායෝගිකව ජනතාව අතර ගෙනියන්නෙ නැත්නම්. අද මේ ආරම්භ කරන සම්මන්ත්රණ මාලාවේ අරමුණ තමයි පනත ගැන දැනුවත් කිරීම. ඒ වගේම ජනතාවට මේ පනත පිළිබඳ අධ්‍යනය කිරීමේ පහසුව වෙනුවෙන්, අපි නව දේශීය ආදායම් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කරල තියෙනවා." යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුවන් චන්ද්රජ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව තිබුණි.