ලොකු ලූනුවලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලොකු ලූනු මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.
වසර පුරාම ලොකු ලූනු වෙළෙඳ පොළට සැපයෙන ලෙස අවාරයේ ලොකු ලූනු වගාව මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනුව, අද (15දා) තිස්සමහාරාම, මහසෙන්පුර ලොකු ලූනු ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබාදී තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ 2015 වනවිට හෙක්ටයාර 2,000ක ලොකු ලූනු වගා කිරීමට නියමිත අතර, අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 50,000 ක් බව කියැවෙයි. මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් මාස 3ක පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවද කියැවෙයි.