අනුරාධපුර සහ සීගිරිය යන ප්රදේශවල පිහිටි දුම්කොළ ගුදම් දෙකක් වසාදැමීමට තමන් තීරණයකර ඇති බව ලංකා දුම්කොළ සමාගම අද (30දා) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
සිගරට් අලෙවිය පහළයාම නිසා දුම්කොළ ගුදම් 4ක් වසාදැමීමට සිදුවනු ඇති බව ලංකා දුම්කොළ සමාගම 2016 දෙසැම්බර් මාසයේදී ප්රකාශ කර තිබුණු බවද එම නිවේදනයේ දැක්වෙයි. මෙහි ප්රථම අදියර ලෙස අනුරාධපුරයේ සහ සීගිරියේ පිහිටි දුම්කොළ ගුදම් වසාදැමීමට සමාගම තීරණය කර ඇති බව ඔවුහු පවසති.
ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හේතුව නිසා එම ප්රදේශවල දුම්කොළ වගාවෙන් යැපුණු 2,000ක පමණ පිරිසකට සිය ජීවනෝපාය මාර්ග අහිමි වනු ඇති බවයි. එමෙන්ම, වාර්ෂික අදායම රු. මිලියන 200කින් පමණ පහළයනු ඇති බවද ඔවුහු එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසති.