දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා අංශයේ 6 වැනි අදියර ඔක්තෝබර් 20 දා උදැසන 10.07ට යෙදෙන සුබ මෙහොතින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා අංශයේ 6 වැනි අදියර පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු උසස් රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීම සඳහා පසුගියදා මුදල් අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනක් අමතමිනි.
2011 වසරේ සිට අදියර 5ක් යටතේ කෘෂි, පශු සම්පත් හා ධීවර අංශය සහ ව්‍යවසාය සංවර්ධන යන අංශයන් ඔස්සේ කි‍්‍රයාවට නැංවූ මෙම ජාතික වැඩපිළිවෙළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගන ඇති බවත්, කෙසේ වෙතත් ගිය වගා කන්නයේ දිවි නැගුම ගෙවතු වගා වැඩසටහන කි‍්‍රයාත්මක නොකිරීම මත එළවළු මිල ඉහළ යාමට හේතු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ දිවි නැගුම ජාතික වැඩසටහනේ ගෙවතු වගා වැඩසටහන කි‍්‍රයාත්මක කළ සිංහල අලුත් අවුරුද්ද, නත්තල් වැනි උත්සව මාසවලදී ද එළවළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වු බවත්, ඒ අනුව මෙවරද 6 වැනි අදියරේ වගා කන්නය සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත මෙම දිනය තෝරා ගත් බවය.
මෙවර වගා කන්නයේ දී පවුල් ලක්ෂ 25කට බීජ වර්ග 6කින් යුත් බීජ කට්ටල ලබාදීමටත්, ඒ අතරින් පවුල් ලක්ෂ 14කට රෝපණ මාධ්‍යක පැළ කරන ලද මිරිස් පැළ 3ක් සහ මාළු මිරිස්, තක්කාලි, වම්බටු යන පැළවලින් 2 බැගින් පැළ 9ක් ලබාදීමටද සැලසුම් කර තිබේ.