පසුගිය මැයි මාසයේ දලු නෙළන්නියන් රැසකගේ මාසික වැටුප රු.30,000/- ඉක්මවූ බවත්, කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි මහත්මිය මැයි මාසය සදහා පමණක් රු.57,395 වාර්තාගත ආදායමක් උපයා ගෙන ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
51 හැවිරිදි සිව් දරු මවක වූ ඇය තේ දලු කිලෝ 1,899ක් නෙළා ඇති අතර, ඇයට හිමි මැයි මස වැටුප ජුනි 10වැනිදා ලබාගත්තේ යැයි එම තේ වත්තේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පැවසූ බවත්, ඒ අනුව, දලු නෙළන්නියන්ගේ මාසික වැටුප පසුගිය කාලයේදී ඉහළ ගොස් ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.