දකුණු කොරියාවේ සෝල් නගරයේදී මැයි 29 සිට ජුනි 01 වැනිදා දක්වා පවත්වනු ලැබූ කොරියානු ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය හොඳම නිර්මාණශීලී කුටියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙම සංචාරක ප්‍රදර්ශනයට ලෝකයේ මහද්වීප රැසක් නියෝජනය කරමින් රටවල් 60කට අධික පිරිසක් සහභාගි වූ අතර, හාරදහස් අටසියයකට අධික ප්‍රදර්ශකයන් පිරිසක් සහ 120,600කට අධික සංචාරක නරඹන්නන් පිරිසක්ද ආකර්ශනය වූ බවද කියයි.