තෙවැනි අභිමංසල සුව සහන මධ්‍යස්ථානය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙය අභිමංසල සුවසහන මධ්‍යස්ථානයක ස්ථාපිත කෙරෙන තෙවන නැණසල මධ්‍යස්ථානය වන බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
සමාජයේ සෙසු පිරිස් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම එම පහසුකම් ලබාදීමට නැණසල මධ්‍යස්ථාන මගින් විශාල රුකුලක් වන බව පෙන්වා දෙන නියෝජිතායතනය දැයේ විරුවන් වෙනුවෙන්ද එවැන්නක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බවද නියෝජිතායතනය සඳහන් කරයි.
ඉබ්බාගමුව පාන්ගෝල්ලේදී ලබන 25දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් තෙවැනි අභිමංසල සුවසහන මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිත අතර, මේ වනවිට දිවයින පුරා ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 765 කි.