ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය මැඬලීම සඳහා ඇ.ඩො.මිලියන එකහමාරක ආධාර ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය පවසයි.
එහිදී, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඩොලර් ලක්ෂ 5ක ආධාර ලබාදෙන බවත්, මෙම ආධාර යොදා ගනිමින් රෝහල්වල ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛතාව සහ රෝගි කළමනාකරණය පුළුල් කිරීම, පිරිසුදු කිරීම, මහජන දැනුවත් කිරීම් සහ ආවේක්ෂණ පද්ධති ද ඇතුළත් වන පරිදි පරිපූර්ණ ඩෙංගු වැළැක්වීමේ සහ පාලනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගය ලබාදෙන ඇති බවත් ඇය කියයි.
ඔස්ට්‍රේලියානු රජයේ ඇ.ඩො.මිලියනයක ආධාර සහිතව ශ්‍රී ලංකාවේ දියත් කෙරෙන ඩෙංගු රෝගය තුරන් කිරීමේ වැඩසටහන, ඔස්ට්‍රේලියානු ආධාර වැඩසටහනේ කාර්ය සාධනය සහ ප්රතිඵලදායී බව ඉහළ නැංවීම සඳහා විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිතක කර ඇති නිවෝත්වාදන හුවමාරුව මගින් සම්බන්ධ කරනු ලැබ තිබේ.