ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරනලද දත්ත අනුව 2013 වසරට සාපේක්ෂව 2014 ජූලි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම 25.2% ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි.
2013 ජූලි මාසයේ 107,061ක් වූ සංචාරකයින්ගේ මෙරටට පැමිණීම 2014 ජූලි 133,971ක වර්ධනයක් ලෙස එම අධිකාරිය පවසයි.
2014 පළමු වැනි මාස 7 පුරා සංචාරකයන් 861,324ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර පසුගිය 2013 එම කාලසීමාවේ වාර්තා වූ 690,589ක සංචාරකයන් සංඛ්‍යාව හා සසඳන විට එය 24.7%ක වර්ධනයක් බවද පෙන්වා දෙයි.
එම සංඛ්‍යාවෙන්, සංචාරකයන් 278,667ක් බටහිර යුරෝපයෙන් පැමිණ තිබීම සුවිශේෂී වන බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව 15.6%ක වර්ධනයක් බවත් කියැවෙයි. මෙම වසරේ ජූලි මාසයේ 54,857ක සංඛ්‍යාවක් බටහිර යුරෝපා ජාතීන් මෙරටට පැමිණ තිබෙන අතර එය 2013 ජූලි හා සසඳන විට 10.3%ක වර්ධනයක් බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.
මෙම මුල් මාස 7 පුරා උතුරු ඇමරිකාවේ සිට පැමිණි සංචාරක සංඛ්‍යාව 42,822ක් වන අතර එය මුළු සංචාරක සංඛ්‍යාවෙන් 12.1%ක් වන බවත්, නැගෙනහිර යුරෝපයෙන් 92,903ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බවද කියැවෙයි. නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන් අතර, රුසියාවෙන් 41,381ක පිරිසක් පැමිණ ඇති අතර එය 72.0% ක වර්ධනයක් බවද කියැවෙයි.