2017 ජුනි මාසය සඳහා උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 6.3% ක් ලෙස ගණනය කර ඇති අතර, 2017 මැයි මාසයේ වාර්තා වූ 7.1% ක උද්ධමනය සමග සැසඳීමේදී ජුනි උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කර ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම මෙම දත්ත නිවේදනය කරනු ලැබීය.