සෑම වසරකම නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සැමරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය නොවැම්බර් 10 සිට 17 දක්වා කාලය තුළ විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර විද්‍යා දින සැමරුමේ තේමාව වී ඇත්තේ 'ගෝලීය අවබෝධය සඳහා විද්‍යාව' යනුවෙනි.
විද්‍යා සතිය තුළ අමාත්‍යංශය හා ඒ යටතේ ඇති ආයතනවල මෙහෙයවීමෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනය ඉලක්ක කරගත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
විද්‍යා දින සැමරුමේ ප්‍රධාන උලෙළ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙ.ව.8.00 ට කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී පැවැත්වෙන අතර, මේ සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,200ක පිරිසක් සහභාගී වනු ඇති බවද කියැවෙයි.
විද්‍යා දින සැමරුම් ප්‍රධාන උලෙළ, පාසල් අධ්‍යාපනය තුළ විද්‍යාව හා තාක්ෂණය පුළුල් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සිසුන් සඳහා වෙන්කර තිබීම විශේෂත්වයකි.
ජාතික විද්‍යා සතිය තුළ විද්‍යා පාගමනක්ද සංවිධාන කොට තිබේ. එය නොවැම්බර් 11 දින පෙ.ව.7.00ට කොළඹ 07, කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේ සිට විහාර මහා දේවී උද්‍යානය දක්වා ගමන් කිරිමට නියමිත බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.