ඉදිරි පස්වසර කාලය තුළ මෙරට අපනයන ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරන බව සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මෙම සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශන කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ ප්‍රථම හමුව පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සිදුවී තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම සදහා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එක්වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.