IMF හා ලෝක බැංකුවේ 2014 සැසිවාරය 7 වැනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ 2014 සැසිවාරය එළැඹෙන අප්‍රේල් 07 වැනිදා ආරම්භ කරන අතර, මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වීමට නියමිතය.
මෙම සැසිවාරය ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අප්‍රේල් 07 සිට 16 දක්වා පැවැත්වේ. ඒ අනුව, එළැඹෙන 07 වැනිදා අමාත්‍යවරයා වොෂින්ටන් නුවර බලා පිටත්ව යන අතර, මෙම සැසිවාරය අතරතුරදී අමාත්‍යවරයා විදෙස් රටවල් කිහිපයක නායකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකු ප්‍රධානින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
එහිදී ශ්‍රී ලංකාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධන ප්‍රගතිය මෙන්ම, උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් ගැනද අමාත්‍යවරයා සාකච්ඡා කරන බව පැවසෙයි. එසේම මෙම මූල්‍ය ආයතන දෙකෙන් ලැබෙන ණය ආධාර මෙන්ම, එමගින් ලංකාවේ සිදුවන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකු ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

