දිවි නැගුම සහන අරුණ වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් ආරම්භ කරනලද ජන දිරිය ගෘහ ආර්ථික ණය යෝජනා ක්රමයේ සමාරම්භක උත්සවය අද (01දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර ශාලවේදී පැවැත්විණි.
ජන දිරිය ගෘහ ආර්ථික ණය යෝජනා ක්‍රමය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ස්වයං රැකියාවන්හි නිරත සහ ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තෝරාගත් ප්‍රතිලාභින් 2,800කට රු.50,000/- සිට ලක්ෂ දෙකහමාර දක්වා ණය ලබාදීම සිදුකෙරෙන බව පැවසෙයි. සමාරම්භක උත්සවයේදී ස්වයංරැකියාලාභීන් 1,000ක් සඳහා ණය ආධාර යටතේ චෙක්පත් ප්රදානය කරනලද අතර, බෝට්ටු එන්ජින් 50ක් සහ ත්‍රීරෝද රථ 50ක්ද ප්රදානය කර තිබුණි.