චීනය හා ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60ක් සපිරීමත්, ආර්ථක සබඳතා ඇතිවී වසර 65ක සපිරීමත් නිමිත කරගෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා චීනයේ සංචාරයක නිරත විය.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා චීනයට පැමිණි තිලක් මාරපන මහතා නොවැම්බර් 03දා දක්වා චීනයේ රැඳී සිටියේය. එහිදී, චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී යන මහත්වරුන් අතර හමුවක්ද සිදුවිය.
මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව අපරාධ සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නීති උපකාර හුවමාරුකර ගැනීම තහවුරු කිරීමේ ගිවිසුමකටද විදේශ අමාත්‍යවරු දෙපළ අත්සන් තැබීය.